ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නමින් හැඳින්වෙන පාතාල සාමාජික ලලිත් කන්නන්ගර නමැත්තා අද (25) අලුතින්ම දිවයිනට රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු මෙලෙස දිවයිනට escort කර ගෙනැවිත් ඇති අතර, මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ වෙනත් අපරාධ රැසකට අවශ්‍යව සිටි කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ (Interpol) රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි. අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ මහාධිකරණය විසින්ද ඔහුට එරෙහිව විවෘත වරෙන්තු කිහිපයක්ම නිකුත් කර ඇති අතර, CID එක විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














