කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ායනා මැද වැඩ බලන ලේඛකාধිකාරී එම්.එම්.එන්.ටී.කේ. යාලගම මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ මහතා වැඩ භාරගෙන ඇත. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය අධ්‍යයන අංශයේ මෙන්ම වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාధిපතිවරයා ලෙස කටයුතු කර ඇති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, ඉන්දියාවෙන් සහ චීනයෙන් උපාධි ලබා ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වීමට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න සහ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
















