හම්බන්තොට ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පරලොව යවපු සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන 23 හැවිරිදි තරුණයෙකු සැප්තැම්බර් 29 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 100ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. සැකකරු 23 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.















