මීගොඩ මං සන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන්, අදාළ කැබ් රථයේ හිමිකරුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
මීගොඩ පොලිසිය විසින් අද (02) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය 31 වැනිදා රාත්‍රියේ මීගොඩ මං සන්ධියේ දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙත මෙම කැබ් රථය කඩා වැදීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 08 දෙනෙකු තුවාල ලැබූහ.
සිද්ධියෙන් පසු කැබ් රථයෙන් පළාගිය එහි හිමිකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යටතේ පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
















