27 April 2024
#ව්‍යාපාර

Dulux තීන්ත ‘Architect 2023’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සන්නාමයක් වන Dulux, මෙවර Architect 2023 ප්‍රදර්ශනයේදී නරඹන්නන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් විය.

එමෙන්ම ප්‍රදර්ශනයේ ‘නව්‍ය ආකාරයෙන් වර්ණ භාවිතා කළ විශිෂ්ටතම වෙළඳ කුටිය’ (‘Best Trade Stall with Innovative Use of Colour’) සම්මානයද Dulux වෙත හිමි විය.

ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මෙවර පවත්වන ලද්දේ 41 වන වරට ය. මෙවර ප්‍රදර්ශනය 2023 පෙබරවාරි 24 දින සිට 26 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ඉදිකිරීම් කර්මාන්තයට සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය සමාගම් හා ව්‍යවසායකයන් රාශියක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වූහ.

‘Colour Futures ’23’ යන තේමාව යටතේ, 2023 ‘වසරේ වර්ණය’ වන ‘Wild Wonder’ මූලික කරගනිමින් Dulux ඉදිරිපත් කළ ප්‍රදර්ශනාත්මක අංග මෙහිදී නරඹන්නන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. ස්වාභාවික වර්ණයන්ගෙන් ආභාෂය ලැබූ Lush, Buzz, Raw සහ Flow යන වර්ණ පැලට් හතරෙහි විශේෂත්වය සහ, තම නිවාස හා ගොඩනැගිලි අලංකාර කරගැනීමට එම වර්ණ භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් Dulux විශේෂඥයෝ මෙහිදී නරඹන්නන් දැනුවත් කළහ. මේ සියල්ල සමගින් අභ්‍යන්තර හා බාහිර අවකාශයන් වර්ණ ගැන්වීම සඳහා විශිෂ්ටතම විසඳුම් ඉදිරිපත් කිරීම නිසා Dulux කුටිය Architect 2023 ප්‍රදර්ශනය වෙත පැමිණි නරඹන්නන් අතර ජනප්‍රියම වෙළඳ කුටියක් බවට පත් විය.

“Architect 2023 ප්‍රදර්ශනය අපට ක්ෂේත්‍රයේ සමකාලීන විශේෂඥයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් වුණා. එමෙන්ම ලොව තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා, ප්‍රදර්ශනයට පැමිණි නරඹන්නන් වෙත හඳුන්වා දීමටත් අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය සමග අප දීර්ඝකාලීන සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර, මීළඟ වසරේදීත් මේ ප්‍රදර්ශනයට සහභාගී වීමට අප බලාපොරොත්තු වෙනවා.” AkzoNobel Paints Sri Lanka සමාගමේ අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

 

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *