27 April 2024
#දේශීය

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා මුහුදු වැලි ලබාගැනීමට පියවර – ඇමති ප්‍රසන්න

මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ.

සෝදා පිරිසිදුකර නියමිත ප්‍රමිතියට සකස්කරනු ලබන මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු ලැබේ.

මෙම මුහුදු වැලි කැණීමේ ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන ධීවරයන්ට බලපෑම් සිදුවන බවට හඳුනාගෙන ගෙන ඇති අතර එලෙස බලපෑමට ලක්වන ධීවර ප්‍රජාවගේ උන්නතිය සඳහා එම ධීවර ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළව ධීවර සහ ජලඡ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලෙස ද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ඊට පෙර දේශපාලන අධිකාරිය, ප්‍රදේශයේ ආගමික නායකයන් මෙන්ම ධීවර සමිතිද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද හෙතෙම උපදෙස් දුන්නේය.

එමෙන්ම එම ධීවර ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබාදීමටද එකඟවී තිබේ. එම මුදල් විනිවිද බවින් යුතුව අත්‍යාවශ්‍ය පුද්ගලයන් වෙතම ලබාදීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන්ට දැඩිව අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *