27 April 2024
#දේශීය

හැමෝම බලාගෙන ඉන්නේ අපේ පක්ෂය දිහා බව දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා රටේ බොහෝ අය බලා සිටින බව ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) මහරගම තරුණ සේවා සභාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.

එම සංවත්සර උත්සවයේ සංවිධාන කටයුතුවල සභාපති ධුරය දැරුවේද දුමින්ද දිසානායක මහතාය.

එහිදී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා පැවසුවේ දේශපාලන පක්ෂ අතරින් අපේ කම ගැන කතා කරන්න හැකියාව ඇති එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවයි.

එවැනි පක්ෂයක සැමරුම් උත්සවය සුලුවෙන් තැබිය නොහැකි බැවින් මෙවැනි උත්සවයක් සංවිධානය කල බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරියේදී ආණ්ඩු බලයක් පිහිටුවීමට සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් එක තේමාවක් යටතේ අත්වැල් බැඳ ගන්නා ලෙස ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් දිසානායක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *