27 April 2024
#දේශීය

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වේ

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙහිදී විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මත වූ අතර මීට පක්ෂව ඡන්ද 120 ක් ද විපක්ෂව ඡන්ද 05ක් ද හිමි විය. එසේම 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ විසර්ජන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *