27 April 2024
#දේශීය

අධීකරණයට අපහාස කලයැයි දුමින්ද නාගමුව අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද(04) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

2021.11.09 වන දින අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් අධිකරණ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *