වත්මන් ආණ්ඩුව පසුගිය අවුරුදු දෙකක කාලය තුළ රටට සහ ජනතාවට සිදු කළ සේවය කුමක්ද යන්න පෙන්වා දෙමින් ජනතා හමුවේ රැස්වීම් පවත්වන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා අභියෝග කර තිබේ.
ආණ්ඩුවේ හිස් පොරොන්දු සහ අසාර්ථක ප්රතිපත්ති හමුවේ ජනතාව පත්ව ඇති අසරණභාවය රටට අනාවරණය කිරීම සඳහා සැළසුම් කර ඇති අනුරාධපුර ජන රැලිය ඕනෑම බාධාවක් මැද අනිවාර්යයෙන්ම පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.













