හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුව ගෙන යන මර්ධන ව්‍යාපාරයට හෝ හිරේ දමන බවට කෙරෙන තර්ජනවලට බිය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තැබුවද, ඒ සඳහා කරුණු වාර්තා කරන පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳව ගැටලු පවතින බවයි.















