27 April 2024
#දේශීය

මහ මැතිවරණයට සමාජ මාධ්‍ය අවභාවිතයන් දන්වන්න ඊමේල් ලිපිනයක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණ කටයුතු සිදුකල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් මෙවර මහ මැතිවරණ සමයේ සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් පැමිනිලි ඉදිරිපත් කිරීමට “[email protected]” නම් ඊමේල් ලිපිනයක් ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ලබා දී තිබේ.

ලක්ශ 60කට අධික ශ්‍රී ලාංකික පරිශීලකයන් ප්‍රමානයක් සිටින ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි මැතිවරණ සමයෙහි සිදුවන අවභාවිතයන් සම්බන්ධයෙන් පියවර ලබගැනීම් උදෙසා ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග කටයුතු කරනු ඇත.

ඒ අනුව පැමිනිලි ඉදිරිපත් කිරීමේදී තිර සටහන් (ScreenShots) සහ පැමිනිල්ලට අදාල යොමු (Links) ඉදිර්පත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *