• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

22 January 2019
in සංවර්ධන

2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.

ක්‍රිකට් පිති නිර්මාණය කිරීමට වාර්ෂිකව කපා දමන ලද ගස්වලට ආදේශකයක් වශයෙන් සහ ක්‍රිඩකයන්ට සහ ක්‍රිකට් ලෝලීන්ට ගස් සිටුවීම සම්බන්ධයෙන් ඇති වගකීම පෙන්වා දෙමින් ජාතික රූපවාහිනි සංස්ථාවේ සහ සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

මෙම පැළ සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා අතින් පළමු පැළය රෝපණය කෙරුණු අතර, ඒ හා සමගාමී ව පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් එකවර පැළ 1500 ක් රෝපණය කිරීම සිදු කෙරිණි.

කිලිනොච්චිය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කෙරුණු පැළ සිටුවීමේ වැඩසටහනත් සමග උතුර දකුණ යා කරමින් සංහිඳියාව ගොඩනැගීම ද අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට සහභාගීවීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන දයා ගමගේ, රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේතු මන්ත්‍රි දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ද, Earth Watchmen ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටිගල, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරි තාරක රන්වල, ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක් …… අමාත්‍ය අර්ජුන !

Next Post

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කථානායක වෙත

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කථානායක වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved