• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැගෙනහිර සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමට පියවර

12 June 2018
in සංවර්ධන

නැගෙනහිර පළාතේ සමුපකාර ව්‍යාපාරය තුළ තිරසාර සංවර්ධනය ඇති කිරීමට නව සමූපකාර සමිති හා සමූපකාර සේවා අලෙවිසැල් දිස්ත්‍රික් මට්ටමින් බිහිකිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (7 දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර සමූපකාර දින වැඩ පිළිවෙල පිළිබඳව සාකච්ඡාවේදීය. මෙම සකච්ඡාවට සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් දිස්ත්‍රික්ක සමුපකාර නායකයින්, පළාත් සමූපකාර කොමසාරිස්වරුන් ප්‍රමුඛව පිරිසක් සහභාගී වී සිටියහ. මෙවර ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උළෙල නැගෙනහිර පළාතේ, මඩලකපුව දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන බැවින්, එහි සංවිධාන කටයුතු මෙහෙයවන නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා “මෙවර නැගෙනහිර පළාතේ පැවැත්වෙන සමූපකාර ජාත්‍යන්තර දින උළෙල නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පූර්ණ සහයෝගයෙන් පැවැත්වෙනවා. එම මහා සමුළුවට අපි දිවයින පුරාම විහිදී සිටින සමූපකාර සමිති සාමාජිකයන් 10,000 ක් පමණ සහභාගී කරවීමට බලාපොරොත්තු වෙනවා. මේ අභිමානවත් උළෙලේදී අපිට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පමණක් නොවෙයි මුළු නැගෙනහිර පළාතම සමූපකාර සංවර්ධන කටයුතු ශක්තිමත් කරමින්, නව සමුපකාර සමිති බිහි කරමින්, සමූපකාර අලෙවිසැල් තවදුරටත් ව්‍යාප්ත කරමින් අපගේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරන්නට පුළුවන්. මෙවර සමූපකාර දින තේමාව වන්නේ “තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා පරිභෝජනය” යන්නයි. ඒ අනුව නැගෙනහිර පළාතේ සමූපකාරිකයන් හරහා එම පළාතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දිරිගන්වමින්, ඒවා පරිභෝජනය සඳහා ජනතාව යොමු කිරීමට අවස්ථාව උදාකර ගත යුතුයි. අපි ඒ සඳහා අපගේ පූර්ණ ශක්තිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමූපකාර සේවක සේවිකාවන්ට අභිමානයක් ලබා දීමටත් , එක්සත් ජාතීන්ගේ තිරසර ගෝලීය ඉළක්ක ජයග්‍රහණය කිරීම මඟින් අපේ රටේ ජනතාවට සමූපකාර සේවය ඉහළ මට්ටමින් ලබා දීමටත් පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.” අමාත්‍යවරයා යැයි පැවසීය.

මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් අසංග අබේවර්ධන, සමූපකාර සංවර්ධන කොමසාරිස් එස්.එල්. නෂීර් මහත්වරු ඇතුළු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, දිස්ත්‍රික්ක සමූපකාර නායක නායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

Post Views: 28
Previous Post

සුදු රෙදි ගලවන්න – මරික්කාර් කියයි

Next Post

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

editor

editor

Next Post

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved