2019 වසරේ පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කර ඇති අතර, වරදකරුවන් වූ විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබා ඇත. ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
















