ගණේෂ චතුරථි උත්සවයට සමගාමීව, කහ, ගොම සහ මැටියෙන් සාදන ලද ඝණ දෙවි ප්‍රතිමා 17ක් හැටන් කොටගල කොමර්ෂල් වැවේදී දිය කර හැරීමේ ආගමික උත්සවයක් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබ තිබේ.
විශ්ව හින්දු පරිෂත් ශ්‍රී ලංකා පදනම මගින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, ප්‍රතිමා කොටගල නගරයේ සිට විශේෂ පෙරහැරකින් කොමර්ෂල් වැව වෙත වඩම්මවා සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රවලට අනුව වැවේ දිය කර හැර ඇත. හින්දු භක්තිකයන්ට ආශීර්වාද ලබාගැනීම වෙනුවෙන් පැවති මෙම අවස්ථාව සඳහා විදේශ රටවල සහ මෙරට හින්දු පූජකවරුන් මෙන්ම විශාල භක්තිකයන් පිරිසක්ද සහභාගී වී තිබේ.
















