නැඟෙනහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් ඉලක්ක කරගනිමින් ජාතික ශිෂ්‍යභට බළකාය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ විශේෂ වැඩමුළුවක් මඩකලපුව, වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලයේදී සාර්ථකව පවත්වා තිබේ.
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ආර්. හසන්ති මහත්මිය ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත, ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. රටේ අනාගත දරු පරපුරේ සුබසිද්ධිය උදෙසා ශිෂ්‍යභට බළකායේ වැදගත්කම මෙම වැඩමුළුව මගින් අවධාරණය කෙරිණි.














