‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ යන තේමාව යටතේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් සිටින අතර, එම වැඩසටහනේ දසවන දිනය පසුගිය 14 වන දින සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
මෙම ජාතික කර්තව්‍යය සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්ෂණ අංශය සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයින් 61 දෙනෙකු සහභාගී විය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ එක්ව බොරැල්ල, වත්තල, කෝට්ටේ, නාරාහේන්පිට, මෝදර, මහර, පාණදුර සහ ගම්පහ යන ප්‍රදේශවල ස්ථාන 1,832ක් මෙදින පරීක්ෂාවට ලක් කෙරිණි.
එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 54ක් හඳුනා ගැනීමට හැකි වූ අතර, ඊට සමගාමීව පරිසරය පරීක්ෂා කර මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු ද නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි.














