ස්පේනයේ ටෙනරීෆ් (Tenerife) දූපතේ සිට බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් (Liverpool) බලා පියාසර කරමින් තිබූ EasyJet ගුවන් යානයක් තුළ මගීන් 10 දෙනෙකු පමණ අතර හටගත් බරපතළ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන්, ගමන ආරම්භ කර විනාඩි 30කට පසු යානය නැවතත් ටෙනරීෆ් වෙත හරවා යැවීමට ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.
ගුවන් යානයේ සහ අනෙකුත් මගීන්ගේ ආරක්ෂාවට එම ප්‍රචණ්ඩකාරී හැසිරීම බරපතළ තර්ජනයක් වූ බැවින් මෙම තීරණය ගෙන ඇති අතර, ටෙනරීෆ් සවුත් (Tenerife South) ගුවන්තොටුපොළට යානය ගොඩබස්වන අවස්ථාවේදී පොලිසිය කැඳවීමට ගුවන් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි. මගීන් 186 දෙනෙකු රැගත් එම ගුවන් යානය, අදාළ පිරිස පොලිස් භාරයට පත් කිරීමෙන් අනතුරුව යළි ලිවර්පූල් බලා ගමන් ආරම්භ කර ඇත. තම ගුවන් සේවකයින්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව උදෙසා මෙවැනි පාලනයකින් තොර ප්‍රචණ්ඩකාරී හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බව EasyJet ගුවන් සමාගම ප්‍රකාශ කරයි.














