ඉබෝලා වසංගතය කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකකට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට වසංගතයේ බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීම හේතුවෙන් එරට මරණ අනුපාතය 48% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට එම කලාපයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 5,794කි. එසේම, වසංගතය නිසා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,786ක් ලෙස සටහන් වේ.
















