නිව්යෝර්ක් හි යුවළක් සිය ඩොලර් මිලියන 2.9ක් වටිනා ‘Pound Ridge’ නිවස තමන්ගේ බියර්ඩඩ් කොලි වර්ගයේ සුනඛයා වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කර ඇති බව වාර්තා වේ. එම සුනඛයාට පිහිනුම් තටාකයේ විවේක ගැනීම සඳහා විශේෂ අව්ව තැපීමේ වේදිකා සහ ගෙවත්ත තුළ සෙල්ලම් කිරීම සඳහා කෘත්‍රිම තණකොළ යොදමින් මෙම අලුත්වැඩියාව සිදුකර ඇත.
















