අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය (FTP) සංශෝධනය කිරීමේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි රටවල සිදුකරන ටෙස්ට් තරග සංචාරයන් එක් තරගයකට පමණක් සීමා කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) සලකා බලමින් සිටී. බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරන පරිදි, එංගලන්තය සිය මව්බිමේදී පවත්වන ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව වැනි රටවලදී වාණිජමය වශයෙන් වැඩි වාසි සහගත සීමිත පන්දුවාර තරගාවලි සමඟ එක් ටෙස්ට් තරගයක් පමණක් පැවැත්වීමටත් මෙහිදී යෝජනා වී තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) රටවල් 12ක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත නව සංශෝධන යටතේ, මෙතෙක් පැවති අවම තරග දෙකේ සීමාව ඉවත් කරමින් තනි ටෙස්ට් තරගයක් පවා ශූරතාවලියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. කුඩා ක්‍රිකට් රටවලට වැඩි අවස්ථාවන් ලබාදීමට සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට මෙම ‘තනි ටෙස්ට් තරග’ ආකෘතිය වඩාත් යෝග්‍ය වනු ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ අදහසයි. මේ අතර දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය වැනි ප්‍රබල රටවල් සමඟ පවත්වන ටෙස්ට් තරගාවලි තරග පහක් දක්වා ඉහළ නැංවීමට ද ඔවුන් සැලසුම් කර ඇති අතර, මෙම නව ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඉදිරි දිනවලදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.












