පවතින ආර්ථික අභියෝග හමුවේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විධිමත් පියවර රැසක් ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.
ඇය සඳහන් කරන්නේ රුපියලේ අගය මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවත්, රාජ්‍ය ආදායම් වර්ධනය වී ඇති බවත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට සහනයක් ලබා දෙමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල ගණන් අඩු කිරීමට රජයට හැකි වී තිබේ.
ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙසේ කියා සිටියාය: “රටේ ස්ථායීකරණය සඳහා විවිධ තීරණ ගත යුතුයි. එවැනි තීරණයක් තමයි මහ බැංකුව සම්බන්ධයෙන් මේ අරගෙන තිබෙන්නේ.”
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය ගනු ලබන මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ ඉදිරියේදී රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ඇය වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.
















