අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජිත ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මඟ පෙන්වීම යටතේ විශේෂඥ කමිටුවක් මඟින් මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.
මේ වන විටත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබාගෙන ඇති අතර, ඊට සමගාමීව මහජනතාවගේ අදහස් ද ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, යෝජිත ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීම සම්බන්ධයෙන් වන ප්‍රශ්නාවලියක් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට එක් කර තිබේ. එමගින් ඕනෑම අයෙකුට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වී ඇත.
















