පාසල්වල විෂය කරුණු ඉගැන්වීම් කටයුතු කඩිනමින් සහ විධිමත් ලෙස සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුභවතුන්ට උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරන්නේ, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කිසිදු හේතුවක් මත කල් දැමීමට බලාපොරොත්තු නොවන බවයි. එබැවින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව නියමිත කාලසටහනට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත.
















