වයස අවුරුදු 05ක පෙර පාසල් වියේ පසුවන කුඩා දැරියකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, කරුකුවටව ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසැල් හිමියෙකි.
අතවරයට පත් දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරුගේ වෙළෙඳසැල වෙත ගිය අවස්ථාවේදී, ඔයාව වෙළෙඳසැල තුළට ගෙන මෙම අතවරය සිදුකර ඇති බවට දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
අතවරයට මුහුණ දුන් කුඩා දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















