දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන් විසින් ප්‍රකාශ කරනු ලබන අදහස් පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාධ්‍ය ආයතන වෙත දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය සතියේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත දැක්වූ අදහස් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමෙන් පසු ඒවා සමාජ මාධ්‍ය තුළ විහිළුවට හා සමච්චලයට ලක්වීම හේතුවෙන් ඇති වූ දැඩි කනස්සල්ල මත මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, දෙමාපියන්ගෙන්, භාරකරුවන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් නිසි අවසරයක් ලබා නොගෙන දරුවන්ගෙන් අදහස් ලබා ගැනීමට, පටිගත කිරීමට හෝ ඒවා විකාශනය කිරීමට කිසිදු මාධ්‍ය සංවිධානයකට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය තරයේ අවධාරණය කර සිටියි.
—














