කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දෙසට ගමන් කළ බෝට්ටුවක් පුද්ගලයින් 8 දෙනෙකු සමඟ අතුරුදන් වී තිබේ.
අද (16) සවස කුරිකට්ටුවාන් ජැටියෙන් ගමන් ආරම්භ කර ඇති මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. අතුරුදන් වූ අට දෙනා අතර මෙහෙයුම්කරුවන් (ඔපරේටර්වරුන්) දෙදෙනෙකුද වන බව සඳහන්ය. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය ඉතා රළු ස්වභාවයක් ගෙන ඇති නමුත්, අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාව විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.














