• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි – අධ්‍යාපන ඇමැති

19 February 2021
in සංවර්ධන

අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බැව පැවසූයේ ඊයේ (18) ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරු ව වර්ග අඩි 45000ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් පර්යේෂණ කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර විශාල නොගැලපීමක් තිබෙනවා. මේ නොගැලපීම හොඳින් හඳුනාගත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය හඳුන්වා දෙන්නට පුළුවන්. මම පසුගිය කාලයේ මෙරට ප්‍රධාන පෞද්ගලික ව්‍යාපාර ආයතනවල ප්‍රධානීන් සමඟ කතා කළා රැකියා සම්බන්ධ ව. අපේ රජය මඟින් රැකියා ලක්ෂයක් ලබා දීමට අමතර ව ඉදිරියේ දී රැකියා ලබාදීමට අප සැලසුම් කළ යුතු බැවින්. එහිදී එම ප්‍රධානීන්ගේ අදහස වුණේ මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගේ මෘදු කුශලතා සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බව. අධ්‍යාපන සහතිකය ඔවුන් සතු වුව ද මෘදු කුශලතා සංවර්ධනය එම අධ්‍යාපනය තුළින් සිදුවෙලා නොමැත කියන එක. ඒ නිසා උසස් අධ්‍යාපනයේ එම රික්තකය පුරවන්නට අපට සිදුවෙලා තිබෙනවා. තර්කනය, තොරතුරු තාක්ෂණය, නිර්මාණශීලිත්වය, මානව සබඳතා ආදී මෘදු කුශලතා උපාධිධාරියා තුළ වර්ධනය කිරීම සිදු කළ යුතු යි. ඊට අමතර ව අපේ සංස්කෘතිය, සාරධර්ම ද සුරක්ෂිත විය යුතු යි. මෙම ඉලක්කවලට අපේ උසස් අධ්‍යාපනය දිශානුගත කළ යුතු යි. ඒ නිසා ඔබ ආයතනය මඟින් පර්යේෂණ සඳහා සිදු කරන මෙම දායකත්වය ඇගයිය යුතු යි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

Post Views: 18
Previous Post

පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුව සුදානම් නෑ … ඇමැති ඩග්ලස් යලිත් කියයි

Next Post

මොන ආගම ඇදහුවත් මනුෂ්‍යත්වය ශ්‍රි ලාංකීක විය යුතුයි – අධිකරණ ඇමැති

editor

editor

Next Post

මොන ආගම ඇදහුවත් මනුෂ්‍යත්වය ශ්‍රි ලාංකීක විය යුතුයි - අධිකරණ ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved