• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුෂ්කර ප්‍රදේශයන්හි භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපනික උපකරණ

30 July 2021
in දේශීය

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි – පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කෙරේ. ඒ සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද (30) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමිණ.

මූලික පිරිවෙන් අවසාන පරික්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදු වූහ. වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ (www.piriven.gov.lk) නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු, රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

ලබන 02 වනදා සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි

Next Post

වැක්සින් නොකල අය ගැන සංගණනයක් – ජනපති

editor

editor

Next Post

වැක්සින් නොකල අය ගැන සංගණනයක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved