2026.08.29 දින රාත්‍රී ඇහැලියගොඩ පොලිස් වසමේ නැදුරන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 17 ක් වූ ඇරාපොල, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු සහ තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් මරණකරුගේ නිවස අසලදී පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුලට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














