ඇහැළියගොඩ නගරයේදී ඊයේ (15) රාත්‍රී 7ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. රියදුරුට පාලනය කරගත නොහැකි වූ මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරට මෝටර් රථ 2ක්, ත්‍රිරෝද රථ 3ක් සහ යතුරුපැදියක් සම්බන්ධ වී ඇති අතර වාහනවලට දැඩි හානි සිදුව ඇත. තුවාල ලැබූවන් වහාම ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














