වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහෙයවනු ලබන ‘ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (27) උදෑසන යක්කල අබේසේකරාරාමයෙන් ආරම්භ වී කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි. දැඩි හිරු රශ්මිය නොතකා ඊයේ දින දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස මල් පූජා කරමින් සහ පාවඩ එළමින් මහා සංඝරත්නයට ගෞරව දැක්වූ අතර, මෙම පා ගමන සඳහා සියලුම ආගම් සහ ජාතීන්ට අයත් ජනතාව එක්ව සිටීම සුවිශේෂී කරුණකි.
සැලසුම් කර ඇති පරිදි හෙට (28) පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, එහිදී වියට්නාම දූත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka’ වැඩසටහන සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් සංවිධානය කර ඇති මෙම සාම පා ගමන හෙට රාත්‍රී 7.00 ට ගංගාරාම විහාරස්ථානයෙන් නිමාවට පත්වේ.















