27 April 2024
#දේශීය

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටී අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ඊට සහභාගී විය.

 

 

 

 

President meets the Bishop of Kurunegala

A special discussion took place this between President Ranil Wickremesinghe and Most Rev. Dr. Harold Anthony Perera, Bishop of Kurunegala and the President of Catholic Bishops’ Conference of Sri Lanka After greeting the Bishop, the President discussed about the Catholic Religious affairs.

The meeting took place at Bishop House, Kurunegala.

Very Rev.Fr.Piyal Janaka Fernando of Kurunegala Catholic Diocese, the Treasurer of Kurunegala Catholic Diocese Most Reverend Sagara Prishantha and former Minister Mr. Ravi Karunanayake also participated at this occasion.

 

 

 

குருணாகல் ஆயரை ஜனாதிபதி சந்தித்தார்!

ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களுக்கும், இலங்கை இராஜகுரு சபையின் தலைவரும், குருணாகல் கத்தோலிக்க மறைமாவட்ட ஆயருமான வண. பிதா கலாநிதி ஹரோல்ட் அந்தோனி பெரேராவுக்கும் இடையிலான நடைபெற்றது.

குருநாகல் கத்தோலிக்க ஆயர் இல்லத்திற்குச் சென்ற ஜனாதிபதி அவர்கள், ஆயரது உடல்நிலை குறித்து கேட்டறிந்த பின்னர், கத்தோலிக்க சமய விவகாரங்கள் குறித்து கலந்துரையாடினார்.
இந்தச் சந்திப்பில் குருணாகல் கத்தோலிக்க மறைமாவட்ட பதில் ஆயர் வண.பிதா பியல் ஜானக பெர்னாண்டோ மற்றும் குருநாகல் கத்தோலிக்க மறைமாவட்ட பொருளாளர் வண.பிதா சாகர பிரசாந்த ஆகியோருடன் முன்னாள் அமைச்சர் ரவி கருணாநாயக்கவும் கலந்துகொண்டார்.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *