තිරප්පනය ගම්මානයේ ජල ව්‍යාපෘතිය ජාතික ජන බලවේගයට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරා ගත්තද නිසි පහසුකම් නොලැබෙන බව පවසමින් ගම්වාසීන් ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී අද (24) විරෝධතාවයක නිරත විය.
සභාපතිවරයා මුණගැසීමට නොපැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත් අතර, පොලිස් මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවකදී මසක් ඇතුළත අදාළ ජල ව්‍යාපෘතිය යළි ගම්මානයේ සමිතියට පවරා දීමට සභාපති කරුණාදාස දිසානායක මහතා පොරොන්දු වීමත් සමඟ පිරිස විසිර ගියහ. මේ අතර, මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පීඩාවට පත් නාවලපිටිය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ද සාකච්ඡා ලබා නොදීමට එරෙහිව පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර, පසුව පොලිස් මැදිහත්වීමෙන් ඔවුන්ට ද සාකච්ඡාවක් හිමි විය.














