මාස දහයකට අධික කාලයක් පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට තද වැසි සමඟ දරුණු ගංවතුර තත්ත්වයන්ට සහ අනෙකුත් මාසවලදී දැඩි නියඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
මෙම දේශගුණික විපර්යාසය හමුවේ ඉදිරි කාලය තුළ රට තුළ අන්තවාදී කාලගුණ තත්ත්වයන් මතුවිය හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.














