ඉහත සඳහන් කරුණු අනුව, එල්නිනෝ තත්ත්වය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මහාචාර්යවරුන් දැඩි අවධානය යොමු කර ඇත. නේපාලයේ සිදුවූ ආකාරයේ ග්ලැසියර කඩාවැටීම් නිසා මුහුදු ජල මට්ටම හදිසියේ ඉහළ නොගියද, නාවලපිටිය, හැටන්, ඇල්ල සහ නුවරඑළිය වැනි කඳුකරයේ ගැඹුරු නිම්නවල ජීවත් වන ජනතාව හදිසි ජල ගැලීම් අවදානම පිළිබඳව දැනුවත් විය යුතුය.
එල්නිනෝ තත්ත්වය නිසා රටේ ඇතැම් ප්‍රදේශවලට දැඩි නියඟයක් බලපා ඇති අතර, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක. මේ නිසා කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 15 වැනි දිනට පෙර වී වගාවට අදාළ බීජ වපුරා පැළ සිටුවීමේ කටයුතු අවසන් කරන ලෙසයි.
















