යක්කලමුල්ල පොලිස් වසමට අයත් කොට්ටව ලඳුරඹ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026.05.12 වන දින සවස් කාලයේදී කොට්ටව දෙසට ධාවනය වූ යතුරුපැදියක් නැවුන්ගල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුකළ යතුරුපැදිය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ පදිකයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නැවුන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය දැනට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පලාගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















