27 April 2024
#දේශීය

ජුනි 20 සමාලෝචනය ට මැතිවරණ කොමිසම සූදානම්

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශ කර ඇති ජුනි 20 දිනය නැවත සමාලෝචනය කිරීමට මැතිවරණ කොමිසමෙන් සූදානම් බව දැනුම්දී තිබේ.

ඊයේ (21) පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී කොමිසම විසින් මෙම මේ බව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

මැයි 03 වැනි දාට පෙර පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු දැනට ගැසට් කර ඇති ජුනි 20 දින හෝ නව දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කළ බව ඊට සහභාගී වූ පක්ෂ නියෝජිතයන් පවසයි.

මැයි 4 දින අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබා දෙන දීමටත් එහිදී පවතින තත්ත්වය සමාලෝචනය කර නව දිනයක් ප්‍රකාශ කිරීම හෝ නොකිරීම සිදුකරන බවද කොමිසම් විසින් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *