2025 වසරේ පැවැත්වීමට අපේක්ෂා කළ පළාත් සභා මැතිවරණය සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 9ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත නැවත පවරා තිබේ. කොමිෂන් සභාවේ 2025 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන් වේ.
පළාත් සභා මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වීම හේතුවෙන් එම මුදල් නැවත භාණ්ඩාගාරයට පැවරීමට පියවර ගෙන ඇත.
2025 අයවැය ඇස්තමේන්තු යටතේ මැතිවරණ කොමිෂන් සභාව සඳහා මුළුමනින්ම රුපියල් බිලියන 21.487ක් වෙන් කර තිබුණි.
එම මුළු මුදලෙන් රුපියල් බිලියන 20ක මුදලක් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පමණක් වෙන් කර තිබීම විශේෂත්වයකි.
මැතිවරණ කොමිෂන් සභාවේ මෙහෙයුම් අවශ්‍යතා සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 12.487ක මුදලින් රුපියල් බිලියන 12.278ක් පුනරාවර්තන වියදම් සඳහාත්, රුපියල් මිලියන 209ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන් කර තිබුණි.
















