27 April 2024
#දේශීය

මේ වසරේ මැතිවරණයක් පැවැත්විය හැකි බව -මැතිවරණ කොමිෂමේ සභාපති කියයි

මේ වසරේදි මැතිවරණයක් පැවැත්විය හැකි බවත් එය බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(17) දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සදහා නිතිය පුහුණු වැඩමුළුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා “ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි.මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා විසින් අවුරුද්දකින් කල් දමා තියෙනවා.නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව කොමිෂමට බලය ලැබෙනවා.මැතිවරණය පැවැත්විම සදහා.කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ.මේ පුහුණු වැඩමුලු පැවැත්විම බොහෝ දුරට සිදු කරන්නේ මැතිවරණයක් ආසන්නයේ නමුත් අපි පොලිස් නිලධාරින්,මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරින් ,මැතිවරණ නිරික්ෂණ සංවිධාන නිලධාරින් සදහා මෙම පුහුණු වැඩමුළු දිවයින පුරා සිදු කරන්න කටයුතු කරනවා.පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි.රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියනවා.කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සෞඛ්‍ය මාර්ගපෝදශ අනුගමනය කරමින් අදාළ කටයුතු සිදු කරන්න අප සුදානම්.පළාත් පාලන ආයතන,පාර්ලිමෙන්තුව,විධායකය සදහා නියෝජිතයින් තෝරා ගන්නේ ඡන්දයෙන් ඒ කියන්නෙ ්කැමැත්තෙන්.හෘද සාක්ෂියේ නිසි ආකාරව ක්‍රියාත්මක කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි.කොමිෂන් සභාවක් විදහට අප මැතිවරණ ක්‍රම සදහා වෙනත් කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු කාරක සභාවට කරුණු දක්වලා තියනවා.ඉදිරියේදිත් මේ කටයුතු සිදු කරන්න සුදානම්.විවිධ නිති රිති වෙනස් කිරිමට කාලය එළඹිලා තියෙන්නේ.මැතිවරණ වියදම් පාලනය,අබාධිත අය සදහා ඡන්දය ප්‍රකාශ කිරිම්,යාචකයින් ඇතුලු නිසි ලෙස වාසසස්ථානයක් ‍නොමැතිව ජිවත්වන පිරිස් සදහා ඡන්දය අයිතිය ලබා දිම වැනි වැඩකටයුතු රැසක් මේ වන විට සිදු කරමින් සිටින බවද ඒ මහතා පැවසිය.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික කේ.පි.පි පතිරණ,අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රි රත්නායක,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න,මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් පි.එස්.පතිරණ, තොරතුරු තාක්ෂණ සහ මැතිවරණ කොට්ඨාශය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන,මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මින් මැතිවරණ කොමිෂමේ නිලධාරින්,මුලස්ථාන පොලිස් පරික්ෂකවරුන්,පොලිස් ස්ථානාධිපතිවරුන් මැතිවරණ නිරික්ෂණ සංවිධාන නිලධාරින් ඇතුලු පිරිසක් මේ සදහා එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *