27 April 2024
#දේශීය

විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට

මෙරට පළමු විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය හැව්ලොක් පාර, උද්‍යාන පාර හන්දියේ දී අද (07) කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමග ක්ලීන්ටෙක් ආයතනය හා ඒකාබද්ධව ඔබගේ නිවාස ආශ්‍රිතව ජනනය වන භාවිතා කළ නොහැකි විද්‍යුත් උපකරණ භාරගැනීම් මෙහිදී සිදු කෙරේ.

මෙම විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය වෙත සතියේ ඕනෑම දිනක උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා, පරිගණක මෙවලම්, විදුලි උපකරණ, විද්‍යුත් පරිපථ, ජංගම දුරකථන, ස්කෑනර්/ මුද්‍රණ යන්ත්‍ර, පුද්ගලික ඉලෙක්ට්‍රෝනික මෙවලම් භාර දිය හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *