ඇසළ පොහොය දින කිසිදු බලපත්‍රයක් නොමැතිව, ඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාරට දර්ශනය වන පරිදි ප්‍රසිද්ධියේ මත්පැන් අළෙවි කළ ආපනශාලා 07ක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිව මෙම වැටලීම් සිදු කර ඇති අතර, එහිදී බියර් ඇතුළු විදේශීය මත්පැන් බෝතල් 405ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රාදේශීය බලයලත් නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු නොකරන බව පෙන්වා දී ඇති සුරාබදු නිලධාරීන්, මෙම නීතිවිරෝධී වෙළඳාම නිසා රජයට විශාල බදු මුදලක් අහිමි වන බවද අවධාරණය කළහ. ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් වන ඒ.ටී. වීරමන් සහ වන්දන කස්තුරිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇත.














