27 April 2024
#සංවර්ධන

“ELLA ODYSSEY” දුම්රිය නව ගමන්වාර දෙකක් ඇරඹෙයි

උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ELLA ODYSSEY” දුම්රිය එළැඹෙන 08 වනදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි ධාවනය කෙරෙන දුම්රිය සෑම බ්‍රහස්පතින්දාවකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදාවකම බදුල්ල සිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.

ආසන වෙන් කිරීම පසුගිය 02 වනදා දින ප.ව.03.00 සිට සිදු කෙරෙන අතර දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට දින 14 ක කාලයක් ඇතුළත ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *