27 April 2024
#දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් ගෙවීම් කල හැකියි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට අද (05) සිට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

කොමසාරිස්වරිය මේ බව පැවසූයේ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නූතන තරුණ නව තාක්ෂණයට අනුගත වීම නිසා සහ මුදල් රැගෙන යාමේදී පවතින අපහසුතාවය හේතුවෙන් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මුදල් ගෙවීමට දැන් පිළිවන බවත් සේවාව ලබා ගැනීමේදී අතේ මුදල් නැති වුවත් කාඩ්පත් මගින් ගෙවීමට හැකි බව කොමසාරිස්වරිය පැවසිය.

භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාසිකව රු.බිලියනයක් පමණ ලබා දේ. කොවිඩ් වසංගත තත්ත්වය හා වාහන ආනයනය අඩු වීම නිසා මෑතකදී ආදායම අඩු වුවත් දැන් යථා තත්වයට පත්වෙමින් ඇත.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (පාලන) සුසන්ත ජයතිලක මහතා ගණකාධිකාරී අරවින්ද සමරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *