ප්‍රකට ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන එලියට් ඉන්වෙස්ට්මන්ට් (Elliott Investment Management) ජපානයේ ඩයිකින් ඉන්ඩස්ට්‍රීස් (Daikin Industries) සමාගමේ කොටස් අත්පත් කරගෙන ඇති බව අද (16) නිවේදනය කළේය. වාර්තා වන අන්දමට එලියට් සමාගම ඩයිකින් හි 3% ක පමණ කොටස් හිමිකාරීත්වයක් ලබාගෙන ඇති අතර, එමඟින් ඩයිකින් සමාගමේ ලාභදායීත්වය ඉහළ නැංවීමට සහ කොටස්කරුවන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට බලපෑම් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
වායුසමීකරණ ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන ඩයිකින් සමාගම සිය ප්‍රධාන ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහනක් (Share buyback) හරහා ආයෝජකයන්ට වැඩි වටිනාකමක් ලබා දිය යුතු බවත් එලියට් සමාගමේ අදහසයි. මෙම පුවතත් සමඟ අද උදෑසන ටෝකියෝ කොටස් වෙළඳපොළේ ඩයිකින් සමාගමේ කොටස් මිල 11% කින් ඉහළ ගියේය. මෑත කාලයේදී එලියට් සමාගම ජපානයේ ටොයෝටා (Toyota) වැනි ප්‍රධාන සමාගම් කිහිපයකම සිය ආයෝජන ව්‍යාප්ත කරමින් සිටීම විශේෂත්වයකි.














