ලොව ප්‍රමුඛතම චිප් (Chip) නිෂ්පාදන සමාගම වන තායිවානයේ TSMC සමාගම 2026 වසරේ පළමු කාර්තුව සඳහා සිය ශුද්ධ ලාභය 50% කින් පමණ ඉහළ යනු ඇති බවට අනාවැකි පළ කර තිබේ. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා ලොව පුරා පවතින අතිවිශාල ඉල්ලුම මෙම වාර්තාගත ලාභයට ප්‍රධානතම හේතුව වී ඇත.
Nvidia සහ Apple වැනි දැවැන්ත සමාගම්වල ප්‍රධාන සැපයුම්කරු වන TSMC සමාගම මෙම කාර්තුව සඳහා තායිවාන ඩොලර් බිලියන 543.3 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 17.23) ශුද්ධ ලාභයක් අපේක්ෂා කරන අතර එය සමාගම් ඉතිහාසයේ එක් කාර්තුවකදී ලැබූ ඉහළම ලාභයයි. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද සිය නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් පවත්වා ගැනීමට සමාගම සමත්ව ඇත. මේ වන විට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ චිප් කර්මාන්තශාලා ඉදිකිරීම සඳහා සමාගම ඩොලර් බිලියන 165 ක් ආයෝජනය කර ඇති අතර ජපානය තුළ ද සිය නිෂ්පාදන කටයුතු ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ.












