Tesla සහ SpaceX සමාගම් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව සක්රීයව සලකා බලමින් සිටින බව එලොන් මස්ක් ප්රකාශ කර තිබේ.
SpaceX සමාගමේ කාර්තුමය මූල්ය ප්රතිඵල පිළිබඳ විශ්ලේෂකයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත. සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හොඳ අදහසක්දැයි විමසූ අවස්ථාවේදී, එය හොඳ අදහසක් බව තමන් විශ්වාස කරන බව මස්ක් පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධ කිරීම අනිවාර්යයෙන් සිදුවන බවට උපකල්පනය නොකළ යුතු බවත්, ඒ සඳහා කොටස් හිමියන්ගේ සහාය අවශ්ය වන බවත් ඔහු පෙන්වා දී ඇත.
යෝජනාව පිළිබඳව සොයා බැලීම සඳහා සමාගම් දෙක තුළම විශේෂ කමිටු පිහිටුවා ඇති නමුත්, ඒකාබද්ධ කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවකට පැමිණ නැත. එවැනි ගනුදෙනුවක් සිදුවන බවට සහතිකයක් නොමැති බවද මස්ක් වැඩිදුරටත් සඳහන් කර තිබේ.














