එක්සත් ජනපදයේ ඕක්ලන්ඩ් ෆෙඩරල් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය ආරම්භ වීමට දින දෙකකට පෙර, ඊලොන් මස්ක් විසින් ඕපන්ඒඅයි සභාපති ග්‍රෙග් බ්‍රොක්මන් මහතා සම්බන්ධ කර ගනිමින් නඩුව සමථයකට පත් කර ගැනීමට උත්සාහ කර ඇති බව නවතම අධිකරණ වාර්තා මඟින් හෙළි වී තිබේ.
මස්ක්ගේ චෝදනාව වන්නේ ඕපන්ඒඅයි ආයතනය ඔවුන්ගේ ලාභ නොලබන මුල් මෙහෙවර පාවා දෙමින් ලාභ ලබන ව්‍යුහයක් කරා මාරු වූ බවයි. එබැවින් මස්ක් විසින් නායකත්වයේ වෙනස්කම් සහ ඩොලර් බිලියන 150ක වන්දියක් ඉල්ලා සිටී.
පසුගිය බ්‍රහස්පතින්දා සාක්ෂි දෙමින් මස්ක් කියා සිටියේ, 2017 වසරේ ඕපන්ඒඅයි හි ව්‍යුහය වෙනස් වූ අවස්ථාවේදී අදාළ කොන්දේසි පත්‍රය තමන් කියවා නොමැති බවයි. නඩුවේ තීන්දුව මැයි මැද භාගය වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














