• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපනයට හදිසි මෙහෙයුම් කණ්ඩායමක්

30 May 2023
in දේශීය

ගම්පොල කලාපයේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සදහා ඇති අභියෝග ජය ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කරන ලද විශේෂ රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම පරිදි සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේදී, අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කර සිටියේ ඉදිරිපත් වූ කරුණු ප්‍රායෝගික මට්ටමෙන් විසදීමට මසක කාලයක් පමණක් ලබා දෙන බවයි. තවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගම්පල කලාපය පමණක් නොව පළාතේ සියලුම කළාප සදහා එකම ක්‍රමවේදයක් අනුගමනය කරමින් ගොඩනැගීමේ අරමුණ සඳහා සියලු දෙනා එක්ව කළ යුතු බව ද එම මහතා මෙහිදී අවධාරණය කරන ලදී.

අධ්‍යාපනය නගා සිටුවීමට බාධාවක් ලෙස ගුරු තුලනය නොකිරීමත් සමහර විදුහල්පති වරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තතත්වය , දෙමළ අධ්‍යාපනය පිලිබද වැඩි අවධානයක අවශ්‍යතාවයත් යන කරුණු සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුව පවතින බව මෙහිදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පෙන්වා දීම සිදු විය.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් සභාව අමතමින් කියා සිටියේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි මසක් ඇතුලත පෙන්වා දුන් ගැටළු විසදීම සදහා කටයුතු සිදු කරන බවත් ඒ සඳහා වත්මන් පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා අධ්‍යාපන ලේකම් වරයා ලෙස සකසා තිබූ පදනම බෙහෙවින් ඉවහල්වන බවත් මේවන විටත් තමන් විසින් මධ්‍යම පළාත තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සොයා බැලීම සඳහා හදිසි මෙහෙයුම් කණ්ඩායමක් පිහිටුවන ලද බවයි.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එම්. මඩහපොළ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා ප්‍රමුඛ ගම්පල කලාපයේ අධ්‍යාපන කලාපයේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.

 

 

 

මාතලේ – මහේෂ්

Post Views: 6
Previous Post

දුෂ්කරතාවකින් තොරව සිසුන්ට විභාගයට පෙනී සිටීමට පසුබිම සකස් කරන්න – ජනපති

Next Post

අකුණු සැර වැදී අයෙකු මරුට

editor

editor

Next Post

අකුණු සැර වැදී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved